තවත්
    මුල් පිටුවදේශීය පුවත්චීන පොහොරවලට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට කැබිනට්ටුවට යෝජනාවක්

    චීන පොහොරවලට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට කැබිනට්ටුවට යෝජනාවක්

    ආන්දෝලනයට තුඩුදුන් චීන කාබනික පොහොර වෙනුවෙන් අදාල චීන සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

    දෙපාර්ශවයටම පාඩුවක් නොවන ආකාරයට මෙම ගෙවීම කිරීමට තීරණය වී ඇතිබව සඳහන් වන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මතය.

    එම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි මහත්වරු විසිනි.

    අහිතකර බැක්ටීරියා එම කාබනික පොහොරවල ඇති බව සදහන් වීම හේතුවෙන් එම පොහොර තොගය මෙරටින් භාර නොගත් අතර පොහොර රැගත් නෞකාව දින 70 කට ආසන්න කාලයක් මෙරට මුහුදු තීරයේ යාත්‍රාකරමින් නැංගුරම්ලාමින් තිබුණි. පසුව ඉකුත් 10 වෙනිදා නෞකාව සිංගප්පූරුව බලා යාත්‍රාකරනු ලැබීය.

    පොහොර තොගය භාර නොගැනීම හේතුවෙන් චීන සමාගම ඩොලර් මිලියන 08 ක වන්දියක් මෙරටින් ඉල්ලා සිටියේය. නෞකාව සිංගප්පූරුව බලා යාත්‍රාකරනු ලැබුවේ යැයි සදහන් වූයේ
    බේරුම්කරණය සඳහා බව චීන සමාගම සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img