තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එළවළු මිල අඩුවෙන කාලය

    එළවළු මිල අඩුවෙන කාලය

    ලබන වසරේදී රටතුළ කිසිදු ආකාරයකින් ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ගොවීන් මේ වනවිට වගාකර ඇති වගාවන් වලින් ලබන වසරට ප්‍රමාණවත් තරමේ අස්වැන්නක් ලැබෙන බවද ඔහු පැවසීය.

    එබැවින් ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

    ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ සෑම වසරකදීම දෙසැම්බර් මාසයේදී සාමාන්‍යයෙන් එළවළු මිල ඉහළ යාමක් සිදුවන බවයි.

    එළවළු මිල ඉදිරි මාස කිහිපයතුළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img