තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රණක්ෂිතයට පත් රණවිරුවන්ට ඉලෙක්ට්‍රික් යතුරුපැදි

    රණක්ෂිතයට පත් රණවිරුවන්ට ඉලෙක්ට්‍රික් යතුරුපැදි

    රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ගෘහස්ත සංචරණයට සීමා වන රෝද පුටුවක් ලබාදීම වෙනුවට, රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සබදතා වර්ධනයට ඉවහල් වන දෑත යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 55 ක් ඉපයීමේ ක්‍රයශක්තිය හීනවීමේ ප්‍රතිශතය පදනම් කරගනිමින් ලබාදීම සඳහා අදාල දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමේ මූලික කටයුතු අරඹන ලදී.

    මෙහි පළමු අදියර ලෙසින් මොනරාගල, රත්නපුර, මාතර දිස්ත්‍රික්කයන් සදහා යතුරු පැදි එක බැගින්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ රණවිරුවන් දෙදෙනකු සදහා ද විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 5 එම දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීම අද දින සිදුකරන ලදී.

    මෙහි දිගුවක් වශයෙන් ඉදිරීයේ දී දිවයින පුරා විහිදී සිටින තෝරාගත් රණක්ෂිතයටපත් පූර්ණ ආබාධිත රණවිරුවන් වෙත විද්‍යුත් ආරෝපිත යතුරු පැදි බෙදා දීම සිදු කරනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img