fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සක්කරයා විපක්ෂයේ... වයිමා ආණ්ඩුවේ ...

    සක්කරයා විපක්ෂයේ… වයිමා ආණ්ඩුවේ …

    “සජිත්ගේ ආණ්ඩුවක් ආවොත් ණය නැති රටක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම එන්නෙ නැති නිසා අපි බයත් නෑ. අපි එහෙම තමයි අපි දෙනවා නම් දෙන්නේ ණය නැති රටක්. නැතුව ණය හදලා දෙන්නේ නෑ.” යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද තුන්වැනි වරය අයවැය කතාව ඉදිරිපත් කරමින් කීය.

    මේ වනවිට ලබන වසර සඳහා වන අයවැයේ සංශෝධන ඉදිරිපත් කිරීම් සිදුවේ.

    බැසිල් රාජපක්ෂ මහතා සිය කතාවේදී වැඩිදුරටත් මෙසේ ද කීය.

    “මම ඔබතුමාලගෙන් ඡන්දේ දෙන්න කියලා ඉල්ලන්නේ නෑ. ඔබලා ගුරු වැටුප් විෂමතා ඉවත් කළාට විරුද්ධ නම් විරුද්ධව ඡන්දෙ දෙන්න.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලගේ වරප්‍රසාද අඩුකරනවාට විරුද්ධ නම් අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න. අඩුම තරමින් ඇබ්සන්ට් වෙන්න. ඔබේ ගමට වැඩිම මුදල වෙන්කිරීමට විරුද්ධ නම් මේකට විරුද්ධව ඡන්දෙ දෙන්න, මට ඒ ටිකත් ඉතිරි කරගන්න පුළුවන්. උපාධිධාරීන් ස්ථිර කරන්න එපා නම්, උන්ගේ මොලේ වැඩි මේක දුන්න එක වැරදි කියලා හිතෙනවා නම් මේකට විරුද්ධව ඡන්දෙ දෙන්න.” යැයි මුදල් අමාත්‍යවරයා කීය.

    “එක තැනකින් ණය අරගෙන ඒවා බැඳුම්කර විවදියට පෙන්නුවට ඒවා අපේ සංචිත වෙන්නේ නෑ. පොලියේ පොඩි වාසියක් තියෙයි. ඒත් ඒතෙ තෙරුමක් නෑ. අපි උත්සහ කරන්නේ අපිම අපේ සංචිත හම්බ කරගන්න. එක වරකින් බැරි වුණත් අපි කිහිප වරකින් හෝ අපිම හම්බකරලා අපේම විදේශ සංචිත හදාගන්නවා කියලා මම කියන්න කැමතියි.”

    විපක්ෂයට: “ඔබතුමාලා කියන්නෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියලා. ඔවුන් කියනවා ඔවුන් එක්ක කතා කරන්න ඔබලා වෙලාවක් දුන්නේ නෑලු. දැනුත් මේ ඔවුන් ඇවිත් ඉන්නවා. ඔබතුමාලගේ සක්කරයට වෙලාවක් දෙන්නත් ඔබතුමාලට වෙලා නෑ. (විපක්ෂයේ ඝෝෂා) නෑ නෑ වයිමා ඉන්නේ අපේ පැත්තෙනේ(සිනාසෙමින්).. අපිට අයිඑම්එෆ් ගැන විශ්වාසයක් නෑ. අපි උත්සහ කරන්නේ ණය පුරවගන්න නෙවෙයි. ණය ගෙවලා ඉවර කරලා උඹලාගෙ ණය අපිට තවත් එපා කියන රාජ්‍යයක් ඇතිකරන්න” යැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.