තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුගදනවි ගිවිසුම ලබන සතියේ කැබිනට්ටුවට

    යුගදනවි ගිවිසුම ලබන සතියේ කැබිනට්ටුවට

    යුගදනවි ගිවිසුම පිළිබඳ ලබන සඳුදා දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

    මෙහිදි මුදල් අමාත්‍යාංශය විසින් යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතව ය.

    යුගදනවි ගිවිසුම මගින් මෙරට ජනතාවට අඩුමිලට විදුලිය ලබාගත හැකි බව වරාය අමාත්‍ය රෝහිත් අබේගුණවර්ධන මහතා පැවසීය.

    “යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ වගේම ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී මුළු කැබිනට් මණ්ඩලයටම මේ තත්ත්වය පැහැදිලි කිරීමක් සිදුවෙනවා මුදල් අමාත්‍යාංශය තුළින්. ඒ ක්‍රියාත්මක වීමේ දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවට ඉතාම අඩු මිලකට විදුලිය ලබාදීම. මේ කරන වැඩෙන් අඩු මුදලකට නම් ලැබෙන්නේ අපි ඒකට කැමැති වෙන්න ඕනේ. හැබැයි අපි විරුද්ධ වෙනවා නම් අඩුවට ලැබෙන එකට ඒකට වෙන හේතුවක් තියෙන්න ඕනේ.

    අදාළ ගිවිසුමට එරෙහිව මේ වන විටත් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.

    අදාළ පෙත්සම් ලබන 16 සහ 17 යන දෙදින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img