තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටටම විදුලිය බිඳවැටීමේ සැකයට තුඩු දෙන හේතු රැසක් ලංවිම ලොක්කෝ හෙළිකරති

    රටටම විදුලිය බිඳවැටීමේ සැකයට තුඩු දෙන හේතු රැසක් ලංවිම ලොක්කෝ හෙළිකරති

    රටපුරා එකවර විදුලි විසන්ධි වීම ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව සැක කළ හැකි බොහෝ සාධක තිබෙන බව ලංකා විදුලි මණ්ඩලයේ ජේෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්ය එච් එම් විජේකෝන් මහතා පැවසීය .

    කිසිදු කාලගුණ විපර්යාසයක් සිදු නොවූ දින දෙකක එක ළඟ විදුලි බිදවැටීම් සිදුවූ බවද එම නිසා ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කළ යුතු බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විජේකෝන් මහතා කීය.

    එම සාධාරණ පරීක්ෂණයෙන් පසුව එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව තහවුරු වුවහොත් එම පිරිසට එරෙහිව උපරිම දඬුවම් ලබාදිය යුතු බවද විජේකෝන් මහතා සඳහන් කළේය.

    එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ළඟම ලංවිම ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසූයේ එකවර දිවයිනටම විදුලිය විසන්ධි වූ පසුව විනාඩි 40ක් තුළ අවශ්‍ය තාක්ෂණික පියවර ගත්තේ නම් නොරොච්චෝල බලාගාරයේ බිඳවැටීම නතර කර ගැනීමට තිබූ බවය.

    එහෙත් එවැන්නක් සිදු නොකර නොරොච්චෝල ගල්අඟුරු ගල් අඟුරු බලාගාරයද බිඳ වැටීමට සැලැස්වීම තවත් සැකයට තුඩු දෙන බවද නන්දික පතිරගේ මහතා කීය.

    විදුලිය බිඳ වැටීම නිසා සිදු වූ හානිය කෝටි ගාණක් වන අතර ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ බව ද හෙතෙම සඳහන් කළේය.

    එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමණාකාරිත්වයේ තනතුරු දරන නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img