තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් නැවක් ඇවිත් - ප්‍රමිති පරීක්ෂාවට කණ්ඩායමක් යයි

    ගෑස් නැවක් ඇවිත් – ප්‍රමිති පරීක්ෂාවට කණ්ඩායමක් යයි

    ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

    එහි ගෑස් සිලින්ඩරවල තත්ත්වය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගෙන ඇත.

    මෙහි සාම්පල පාරිභෝගික අධිකාරීයේ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරෙනු ඇත.

    ගෑස් සම්බන්ධයෙන් රට තුළ ගැටලුකාරී වාතාවරණයක් මතුව ඇති අතර දිවයිනට රැගෙන එනු ලබන සියලුම ගෑස් නෞකා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් නෞකාවකින් ලබාගත් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම් කටයුතු තවදුරටත් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img