ගෑස් ආශිතව සිදුවූ කාන්දු වීම් ගිනි ගැනීම් හා පිපුරුම් සිදුවූ ස්ථාන නිරීක්ෂණය කිරීමට ගෑස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව තීරණය කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේදී එම කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.
දෙසතියක් තුළ ජනාධිපතිවරයාට කමිටු වාර්තාව ලබාදීමට නියමිතය.