fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කෝටියකට විකුණන්න හැදූ ගජමුතු සමඟ තුනක් එස්.ටී.එෆ්. දැලේ

    කෝටියකට විකුණන්න හැදූ ගජමුතු සමඟ තුනක් එස්.ටී.එෆ්. දැලේ

    රුපියල් කෝටියකට විකිණීමට සූදානම් කළ ගජමතු 10 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (21) අම්පාර වරිපතන්චේනේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගැණුම් කරුවන් ලෙස වෙස්වලා ගනිමින් වරිපතන්චේන අෂ්රෆ් අනුස්මරණ ක්‍රීඩාංගනය ආසන්නයේ කළ වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා කොටුවී ඇත.

    විමර්ශන සඳහා සැකකරුවන් අම්පාර එරගම පොලිස් ස්ථානට වෙත භාර දී තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන් විසින් වැටලීම කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.