තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෝටි 18 ක කොකේන් රැගෙන ගුවනින් පැමිණි ටියුනීසියානුවා කොටුවේ

    කෝටි 18 ක කොකේන් රැගෙන ගුවනින් පැමිණි ටියුනීසියානුවා කොටුවේ

    ජත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානියෙක් ලෙස පෙනී සිටිමින් මෙරටට පැමිණි ටියුනීසියානු ජාතිකයෙකුගේ ගමන් මල්ලක ඉතා සූක්ෂමව සඟවා තිබුණු රුපියල් මිලියන 180 ක් පමණ වටිනාබව සදහන් කොකේන් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 527 ක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අද සමත්ව ඇත.

    මූල්‍ය ආයතන ප්‍රධානියෙක් බව පෙන්වීමට සකස්කළ ව්‍යාජ ලියැවිලි රැසක්ද ඔහු සතුව තිබී ඇතැයි ශ්‍රී ලංකා රේගුව සදහන් කරයි.

    ටියුනීසියාවේ සිට බ්‍රසීලය වෙත ගොස් කොකේන් තොගය රැගෙන එහි සිට කටාර් වෙත ගොස් මෙරටට පැමිණ ඇතැයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

    කොකේන් තොගය සමග සැකකරු විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට පියවර ගන්නා බව රේගු බලධාරීන් සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img