තවත්
    මුල් පිටුවදේශීය පුවත්දැඩි කොන්දේසි මත රියාජ් බදියුදීන් මුදා හැරේ

    දැඩි කොන්දේසි මත රියාජ් බදියුදීන් මුදා හැරේ

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණට අද නියෝග කර තිබේ.

    රියාජ් බදියුදීන් පාර්ලිමෙින්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකි.

    ඉකුත් අප්‍රේල් 24 වෙනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකවර වැටලීමක් කරමින් රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන සහෝදරයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ත්‍රස්වාදී විමර්ශන පනතින් රදවාගෙන පරීක්ෂණ කටයුතු කරනු ලැබීය.

    තමන්ව අත්අඩංගුවට ගෙන රදවාතබා ගැනීම නීති විරෝධි බව සදහන් කරමින් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්ද ඉදිරිපත්කර තිබුණි.

    රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව මෙලෙස ඔහු නිදහස් කර ඇත්තේ දැඩි කොන්දේසි මතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img