තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් මඬින කරලට ලංකාවෙත් අනුමැතිය

    කොවිඩ් මඬින කරලට ලංකාවෙත් අනුමැතිය

    කොවිඩ් මර්දනය සඳහා එංගලන්තයේ මර්ක් සමාගම හඳුන්වා දී ඇති කරල් සඳහා මෙරට ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව තහවුරු කර ඇත.

    අද (15) කොවිඩ් -19 පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍යවරයා එම අදහස් පළ කළේය.

    කොවිඩ් මර්දනය සඳහා ම(ර්)ක් සමාගම හඳුන්වාදී ඇති මොල්නුපිරවියා (molnupiravir) නැමති ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතී.

    නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බවය.

    එහි නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැලඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ව රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බව සඳහන් වෙයි.

    වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොරෝනාවට එරෙහි සටන සාර්ථක කරගත හැකි බවය.

    ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img