fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඳුර පරදා ආලෝකය ගෙනෙන දීපවාලී අදයි

    අඳුර පරදා ආලෝකය ගෙනෙන දීපවාලී අදයි

    ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අදට (04) යෙදී තිබේ.

    මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමීව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ.

    අයහපත පරදවා යහපතත් අඳුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි.

    දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.

    අදට (04) යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන්, බස්නාහිර පළාතේ, මධ්‍යම පළාතේ සහ උතුරු පළාතේ සියලුම හින්දු පාසල් අනිද්දා (05) දින නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.