තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාස ගණනාවකට පසු පළාත් අතර පොදු ප්‍රවාහනය අද ඇරඹේ

    මාස ගණනාවකට පසු පළාත් අතර පොදු ප්‍රවාහනය අද ඇරඹේ

    කොවිඩ් වසංගතය හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ පළාත්‌ අතර සංචරණ සීමා ඉවත්‌ කිරීමත්‌ සමඟ අන්තර්‌ පළාත්‌ පොදු ප්‍රවාහන සේවා අද (01) දිනයේ සිට ආරම්භ විය.

    පළාත්‌ අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගීන්‌ සඳහා පමණක්‌ ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන්‌ කළේය.

    එසේම අද දිනයේ සිට දුමිරිය සේවාද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

    ඒ අනුව මෙතෙක් වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට පමණක් සීමාවී තිබූ දුම්රිය ධාවනය අද සිට සියලු මගීන් ගමන් ගැනීමට ඉඩ සැලසේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img