තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචාරක වෙසින් පැමිණ ගල්කිස්සේ ගණිකා නිවාසයක රැදී සිටි ඉන්දුනීයානු කාන්තාවන් කොටුවේ

    සංචාරක වෙසින් පැමිණ ගල්කිස්සේ ගණිකා නිවාසයක රැදී සිටි ඉන්දුනීයානු කාන්තාවන් කොටුවේ

    විදේශීය කාන්තාවන් යොදාගෙන ගල්කිස්ස සේරම් පාරේ ස්ථානයක පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ගණිකා නිවසක් වැටලීමට පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්ව ඇත.

    එම ගණිකා නිවාසයේ රැදී සිටි ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් 05 දෙනෙක්ද ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

    සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ නිරතව සිටි එම කාන්තාවන් වයස අවුරුදු 28 ත් 35 ත් අතර පසුවන්නන්ය. සැකකරු කුරුණෑගල පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන සදහා මෙම සැකකරු සහ සැකකාරියන් ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් අද ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img