තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශගුණික විපර්යාස පිළිබඳ ජගත් සමුළුවට ජනපති පිටව යයි

    දේශගුණික විපර්යාස පිළිබඳ ජගත් සමුළුවට ජනපති පිටව යයි

    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP26) සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (30) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ස්කොට්ලන්තයේ පැවැත්වෙයි.

    එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා නොවැම්බර් 01 සහ 02 යන දෙදින වෙන්කර ඇත.

    “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” තේමාවෙන් පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වත්හු, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25000ක පමණ පිරිසක් සහභාගී වෙති.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img