fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නෝක්කාඩු මධ්‍යයේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නායකයෝ සති අන්තයේදී හමුවෙති

    නෝක්කාඩු මධ්‍යයේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නායකයෝ සති අන්තයේදී හමුවෙති

    බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අතර ධීවර බෝට්ටු මුල්කරගෙන ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව මෙම සති අන්තයේ ඉතාලියේ රෝම අගනුවර පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරදී  මෙම හමුව පැවැත්වීමට නියමිත බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශක මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත.

    අදාල හමුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශ සමඟ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් මෙම හමුව සම්බන්ධයෙන් ප්‍රංශයෙන් විශේෂ ප්‍රකාශයක් මේවන තෙක් නිකුත් වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර අද පෙරවරුවේ බ්‍රිතාන්‍ය විසින් එරට සිටින ප්‍රංශ තානපතිවරිය ලන්ඩනය වෙත කැදවා ඇති අතර එහිදී ඉකුත්දා ප්‍රංශ මුහුදේ මසුන් මරමින් සිටි බ්‍රිතාන්‍ය  බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමත් තවත් බොට්ටුවක් අවවාදකොට එම කලාපයෙන් පලවා හැරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිතව තිබිණි.

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ ප්‍රංශ සහ බි්‍රතාන්‍යට අයත් මුහුදු සීමා වල එකිනෙකා ධීවර කටයුතු කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබිණි.

    ඒ අනුව දෙරටම මසුන් මැරීමට මුහුදු සීමට පසුකර යන ධීවරයින්ට අවසර ලබාගතයුතු බවට එකඟව තිබූනද බි්‍රතාන්‍ය විසින් ප්‍රංශ ධීවරයින්ට ප්‍රමාණවත් බලපත්‍ර නිකුත් නොකරණ බවට ප්‍රංශය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය විය.

    එහි ප්‍රථිපලයක් ලෙස ඉකුත්දා බ්‍රිතාන්‍ය බොට්ටුව ප්‍රංශ මුහුදේදී අත් අඩංගුවට ගැනීම සිදුවිය.

    ඒත් සමඟම බදාදා දිනයේදී ප්‍රංශ විසින් බි්‍රතාන්‍යයේ පැමිණෙන භාණ්ඩ දැඩි රෝගු පරීක්ෂාවකට ලක්කිරීමටද තීරණය කරනු ලැබීය.

    එසේම ප්‍රංශය විසින් එරට වරායන් වෙත බි්‍රතාන්‍ය ධීවර බොට්ටු හට ඇතුලුවීමට අවසර නොදීමටද තීරණය කර අතර ඉදිරියේදී බ්‍රිතාන්‍යයට විදුලිය අපනයනය කිරීම සීමා කරණ බවටද තර්ජනය කරනු ලැබීය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.