තවත්
    මුල් පිටුවදේශීය පුවත්බුද්ධි සේවා ප්‍රධානියාගේ පැමිණිල්ල ගැන CID ය අධිකරණයට කරුණු දක්වයි

    බුද්ධි සේවා ප්‍රධානියාගේ පැමිණිල්ල ගැන CID ය අධිකරණයට කරුණු දක්වයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාගේ නමද සදහන් කරමින් අසත්‍ය කරුණු සදහන්කරන බවට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ විසින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සදහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ, අන්තර්ජාතික යුක්ති සංසඳය නැමැති සංවිධානය විසින් ඉකුත් 23 වනදා දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැවති කරුණු පැහැදිලි කිරීමකදී අසත්‍ය තොරතුරු ප්‍රකාශ කෙරුණු බවට සුරේෂ් සලේ මහතා පැමිණිලිකර ඇති බවය. ඒ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් පවා සටහන්කර ගෙන ඇති අතර ඉදිරියේදී චෝදනාවට ලක්වන සිරිල් ගාමිණී පියතුමන් ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img