තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'සිලෝන් තේ' සඳහා භූගෝලීය දර්ශකයක්

    ‘සිලෝන් තේ’ සඳහා භූගෝලීය දර්ශකයක්

    ‘සිලෝන් තේ’ සඳහා භූගෝලීය දර්ශකයක් ලබාගැනීමට රජය පියවර ගෙන තිබේ.

    වෙළෙඳාම ආශ්‍රිත බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුමට අනුව සාමාජික රාජ්‍යයක දේශ සිමාව තුළ හෝ එම දේශ සීමාවේ කලාපීය ප්‍රදේශයක උත්පාදිත භාණ්ඩයක් හඳුනාගැනීමේ දර්ශකය, භූගෝලීය දර්ශකය වශයෙන් හඳුන්වනු ලැබේ.

    භූගෝලීය දර්ශකයක් මඟින් අදාළ නිෂ්පාදිතය අනිසි ලෙස භාවිත කිරීමෙන් හෝ ලියාපදිංචි නාමය අනුකරණය කිරීමෙන් හෝ ආරක්ෂා කරන අතර, නිෂ්පාදිතයේ සත්‍ය සම්භවය පාරිභෝගිකයාට සහතික කරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කරනු ලබයි.

    ඒ අනුව, “සිලෝන් තේ” සඳහා භූගෝලීය දර්ශකය ලියාපදිංචි කිරීමට අදාළ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා Centre de Cooperation International en Recherche Agronomique pour le Developpment (CIRAD) සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) යන ආයතන හරහා ප්‍රංශ රජයේ Agence Francaise de Developpement (AFD) ආයතනය විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත තාක්ෂණික සහාය ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

    ඒ අනුව, එම කාර්යය සඳහා AFD ආයතනය, CIRAD ආයතනය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට එළඹීම පිණිස වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img