තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාස 8ක ඩීසල්- පෙට්‍රල් කොන්ත්‍රාත්තු සිංගප්පූරු සමාගමකට

    මාස 8ක ඩීසල්- පෙට්‍රල් කොන්ත්‍රාත්තු සිංගප්පූරු සමාගමකට

    එකවර මාස අටකට පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ සමාගමකට ප්‍රධානය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    ඒ් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලයක් තුළ පෙට්‍රල් (92 Unl) බැරල් 1,341,000 +10/- 5% ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 459,000 +10/- 5% ක් ආනයනය කිරීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඒසේම 2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500 +10/- 5% ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500 +10/- 5% ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි ලංසුකරුවන් වෙතින් ලංසු කැඳවා ඇත.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img