තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රේගුවේ බහලුම් පරීක්ෂා කරන තවත් මධ්‍යස්ථානයක් කෙරවලපිටියට

    රේගුවේ බහලුම් පරීක්ෂා කරන තවත් මධ්‍යස්ථානයක් කෙරවලපිටියට

    ශ්‍රී ලංකා රේගුවේ බහාලුම්ගත භාණ්ඩ පරික්ෂා කිරීමේ තවත් මධ්‍යස්ථානයක් කෙරවලපිටිය අන්තර්‌ හුවමාරුවට ආසන්නයේ ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.

    එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉඩම්‌ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත්‌ අක්කර 19 පර්චස්‌ 9.26කින්‌ යුන්‌ ඉඩම්‌ කොටසක් අදාළ ඉඩම්‌ කොටස එම කාර්යය සඳහා වෙන්‌ කිරීමටත්‌, බහාලුම්‌ පරීක්ෂා කිරීමේ යෝජිත මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාළ පියවර ගැනීමටත්‌ මුදල්‌ අමාත්‍යවරයා ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කර ඇත.

    ශ්‍රී ලංකා රේගුව විසින්‌ දැනට බහාලුම්ගත භාණ්ඩ පරික්ෂා කටයුතු ඔරුගොඩවනත්න සහ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශය සතු අංගන 03කඳී සිදු කරනු ලැබේ.

    එම අංගනයන්හි පවතින සීමිත ඉඩකඩ හා සීමිත පහසුකම්‌ හේතුවෙන්‌ එම කටයුතුවල යෙදෙන රේගු නිලධාරින්ට මෙන්ම සේවා ලබා ගැනීමට පැමිණෙන සෙවාලාභින්ටද අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත.

    එමෙන්ම, එම අංගන වෙත බහාලුම්‌ ප්‍රවාහනය කිරීමේදී කොළඹ ප්‍රදේශ තුළ දැඩි රථවාහන තදබදයක්ද ඇනි වේ.

    එම තත්වය සැලකිල්ලට ගෙන, බ්ලූමැන්ඩල්‌, පෑලියගොඩ හා කෙරවලපිටිය යන විකල්ප ස්ථාන අතුරින්‌ වඩාත්‌ යෝග්‍ය ස්ථානය හඳුනාගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණ සභාය යටතේ ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කර ඇත.

    ඒ අනුව වඩාත්ම සුදුසු ස්ථානය වශයෙන්‌ කෙරවලපිටිය අන්තර්‌ හුවමාරුවට ආසන්නයේ ශ්‍රී ලංකා ඉඩම්‌ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත්‌ අක්කර 19 පර්චස්‌ 9.26කින්‌ යුත් ඉඩම්‌ කොටසක යෝජිත පරීක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img