fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැමිණිල්ලක්

    සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැමිණිල්ලක්

    රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කිහිපදෙනකු විසින් කරන ලදැයි කියන ප්‍රකාශවලට එරෙහිව අද (25 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබේ.

    ඒ 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමා සහ වෙනත් අය විසින් සිදුකර ඇති ද්වේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමිනි.

    එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ (23) දින පැවති සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින් සිරිල් ගාමිණී පියනම විසින් ප්‍රකාශ කර ඇත.

    ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයකුවූ මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන ලද බවයි.

    සිරිල් ගාමිණි පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් සලේ මහතා අවධාරණය කර ඇත්තේ තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් මෙම චෝදනා එල්ල කර ඇති බවත් එම සියළු චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    මෙම සියලු චෝදනාවන්⁣ගේ අරමුණ වන්නේ පොදු මහජනතාව නොමඟ යැවීම බවට ද සලේ මහතා චෝදනා කර සිටී.

    මෙම චෝදනා මගින් ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද අනතුරට හෙලීමත් බවද සලේ මහතා අවධාරණය කර ඇත.

    එබඳු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන්ට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන්හටද නැවත පිලිසකර කළ නොහැකි හානියක් සිදුකරන බව සලේ මහතා පෙන්වා දී තිබේ.

    කිසිදු තත්ත්වයක් යටතේ ඔහු කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම්වූ හෝ ආකාරයක සන්නිවේදනයක් සිදු කර නොමැති බව සලේ මහතා අවධාරණය කර සිටී.

    එබැවින් සිය පැමිණිල්ලෙන් මේජර් ජෙනරාල් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිට ඇත්තේ සිරිල් ගාමිණී පියනමට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

    මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

    එම සංවාදයට ඉදිරිපත් කර තිබු කරුණු
    ඉහත චෝදනා නඟා තිබුණේ මෙම සංවාදයේදී ය.
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.