fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොරෝනා තවත් වසරක් දිග්ගැස්සෙන බවට අනතුරු ඇඟවීමක්

    කොරෝනා තවත් වසරක් දිග්ගැස්සෙන බවට අනතුරු ඇඟවීමක්

    කොරෝනා වසංගතය අනවශ්‍ය ලෙස තවත් වසරක් දක්වා දීර්ඝ වීමේ හැකියාවක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

    ඒ අනුව මෙම වසර අවසන්වන විට බොහෝ විට නිමාවීමට ඉඩ තිබූ කොරෝනා වසංගතය 2022 වර්ෂයේ අග දක්වා පැවැතිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙකු වන වෛද්‍ය බෘස් එයිල්වර්ඩ් ප්‍රකාශ කර ඇත.

    වෛද්‍ය එයිල්වර්ඩ් පවසන අන්දමට කොරෝනා එන්නත් නිසි ලෙස ලොව පුරා බෙදීයාමක් සිදු නොමැති අතර ධනවත් රටවල් විශාල වශයෙන් එන්නත් තොග රැස්කරගැනීමක් සිදුකරන බවද ඔහු පෙන්වා දෙයි.

    ඒ අනුව අප්‍රිකානු කලාපයේ එන්නත්කරණය ඉතා පහළ අගයක් ගන්නා බවත් කලාපයේ ජනගහනයෙන් සියයට පහකටත් අඩු පිරිසකට එන්නත් ලැබී ඇති බවද වෛද්‍ය එයිල්වර්ඩ් සඳහන් කරයි.

    එහෙත් සෙසු කලාප සමඟ සසඳන විට එහි සමස්ථ ජනගහනයෙන් සියයට හතලිහකට පමණ පිරිසකට එන්නත් ලැබී ඇති බවද වෛද්‍ය එයිල්වර්ඩ් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් මේවන විටත් බටහිර සහ ධනවත් රාජ්‍යන් රැසක් එන්නත් තොග විශාල ප්‍රමාණයක් රැස් කරගනිමින් සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම ඉවත දමමින් තෙවන එන්නත් මාත්‍රාවද ලබාදීම සිදුකරමින් සිටියී.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.