තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාස්පානෙන් මංගල ගමන ගිය යුවලක්

    සාස්පානෙන් මංගල ගමන ගිය යුවලක්

    ඉන්දියාවේ කේරල ප්‍රන්තයට මේ දින දැඩි ගංවතුර තත්ත්වය තත්ත්වයක් බලපා තිබුනත් ඉතා අපූරු ආකාරයෙන් සිය සිහින විවාහ මංගල්‍ය පැවැත්වූ යුවලක් පිළිබඳ වාර්තාවෙයි.

    පවතින අධික ගංතවතුර තත්ත්වය හේතුවෙන් සිය තාලාවඩි ග්‍රාමයේ වෙසෙන ආශ්වර්යා සහ ආකාශ් සිය විවාහ පැවැත්වීමට නියමිතව තිබූ දේවාලය වෙත විශාල සාස්පානක බැස ගමන් කළ අකාරය මේවන විට ඉන්දියාවේ සමාජ ජාල මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්ව තිබේ.

     

    මනාලය සහ මනාලිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්වන අතර පවතින කොරොන් ත්ත්වය හේතුවෙන් සිය විවාහය කල් දැමීම ඔවුන්ට අවශ්‍ය නොවූ බව මාධ්‍ය වෙත පවසා ඇත.

    ඒ අනුව ගංවතුර තත්ත්වය පැවැතියද විවාහට පැවැත්වීමට අසල දේවාලයකින් විශාල සාස්පානක් ඉල්ලාගනිමින් එහි යුවල නැගී විවාහය පැවැත් ස්ථානයට ආරක්ෂිතව පැමිණ තිබේ.

    මානාලිය සිය අත් දැකීම විස්තර කරමින් පවසා ඇත්තේ තමන්ට ඉතා සරල මංගලොත්සවයක් ගැනීමට අවශ්‍ය වුවද අද වනවිට සිය විවාහට ගැන බොහෝ අවදානයක් යොමුවීම පිළිබඳ සතුටට පත්වන බවයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img