තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්කෝල අරින්න පොලීසියත් මැදිහත් වෙයි

    ඉස්කෝල අරින්න පොලීසියත් මැදිහත් වෙයි

    පාසල් ආරම්භ කිරීමට සියලූ පොලිස් ස්ථානාධිපතිවරු පූර්ණ දායකත්වය ලබාදිය යුතු අතර විදුහල්පතිවරුන් හමුවී පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගතයුතු යැයි පොලිස් මුලස්ථානය, පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

    පාසල්වලට පැමිණෙන ගුරුවරුන්ට සහ ළමුන්ට බාධාකරන හෝ වැළැක්වීමට කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පොලිස් ස්ථානාධිපතිවරුන් යවා වෙත යවා ඇති ලිඛිත දැනුම් දීමේ සඳහන් වේ.

    පොලිස් වසමේ පිහිටි ළමුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් හඳුනාගැනීම ඒවායේ විදුහල්පතිවරුන් හමුවී සාකච්ඡා කිරීම ළමුන් ගුරුවරුන් පැමිණෙන ප්‍රදේශ හඳුනා ගැනීමේ වගකීමද පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පවරා තිබේ.

    පොලිස් ස්ථානාධිපතිවරුන් පාසල් ආරම්භ කිරීමට පූර්ණ දායකත්වය ලබාදිය යුතු අතර කිසිදු සිදුවීමක් ඇති නොවීමට වග බලා ගත යුතු බවද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img