fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් 21 දා සිට පාසල්වල ගුරු සේවයට

    පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් 21 දා සිට පාසල්වල ගුරු සේවයට

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ වෙනත් සේවා ස්ථානවල පුහුණුව ලබමින් සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ මස විසි එක්වෙනි දී සිට පාසල්වලට අනුයුක්ත කර තිබේ.

    සිසුන් 200කට අඩු පාසල්වලට එම උපාධිධාරීන් අනුයුක්ත කරන ලෙස එක් පාසලකට උපාධිධාරීන් 5 දෙනෙකු බැගින් අනුයුක්ත කරන ලෙසත් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

    සිසුන් 200ට අඩු පාසල් මේ මස 21 වැනි දින විවෘත කෙරෙන හෙයින් එම අභ්‍යාසලාභීන් එදින සිට පාසලේ සේවයට යෙදිය යුතු බවද අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියේ සඳහන් කර ඇත.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.