fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPරහමන්ට වඩා යූටියුබ් රසික හදවත් දිනූ යොහානි

    රහමන්ට වඩා යූටියුබ් රසික හදවත් දිනූ යොහානි

    මාස 4ක් වැනි කෙටි කාලයකදී ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි ඉන්දීය ප්‍රකට සම්මානලාභී සංගීතඥයකු, ගායකයකු වන ඒ.ආර්.රහමන්ට වඩා ඉතා කෙටි කලකින් යූටියුබ් රසිකයන්ගේ හද බැඳගෙන තිබේ.

    මේ වනවිට යොහානිගේ යුටියුබ් ග්‍රාහකයන් මිලියන 2.97 ඉක්මවද්දී ඒ.ආර්.රහමන්ගේ යූටියුබ් ග්‍රාහකයන් මිලියන 2.93ක් ‍වෙයි.

    විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනාටම තවමත් වැඩිම රසික පිරිසක් ඇත්තේ ලෝකයේ දෙවන වැඩිම ජනගහනය වන බිලියන 1.38ක ජනතාව වෙසෙන ඉන්දියාවේ වීම ය.

    ඒ.ආර්.රහමන් දශක 3කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රය‍ තුළ පුළුල් පරාසයක කටයුතු කළ අයෙකි. මාස 4කට පමණ පෙර සතීශාන්ගේ ‘මැණිකේ’ ගීතයේ cover song එක ගායනය කිරීමෙන් යොහානි බටහිර කලාපයේ රසික හදවත්පවා වැඩිවශයෙන්ම සොරාගත්තේ යූටියුබ් ඔස්සේ ය.

    සංගීතඥයකු වන ඒ.ආර්.රහ්මන් ඉන්දියානු චිත්‍රපට සංගීත නිර්මාපකයෙකු, හඬ කළමනාකරුවකු, ගායකයෙකු සහ ගීත රචකයෙකු වේ. 2010 දී ඉන්දීය රජය ඔහු ජාතියේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු ඇකඩමි සම්මාන දෙකක්, ග්‍රැමී සම්මාන දෙකක්, බැෆ්ටා සම්මානයක්, ගෝල්ඩන් ග්ලෝබ්, ජාතික චිත්‍රපට සම්මාන හතරක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන පහළොවක් සහ දකුණේ ෆිල්ම් ෆෙයාර් සම්මාන දහතුනක් දිනාගෙන ඇත.

    2009 දී ටයිම්ස් සඟරාව විසින් රහ්මාන්ව ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කළේය. එක්සත් රාජධානිය පදනම් කරගත් වර්ල්ඩ් මියුසික් සඟරාව වන සොන්ග්ලයින්ස් 2011 අගෝස්තු මාසයේදී ඔහුව ‘හෙට දවසේ ලෝකයේ සංගීත නිරූපකයා’ ලෙස නම් කළේය. රහමන් ලොව පුරා වැඩියෙන්ම අලෙවි වන පටිගත කිරීමේ කලාකරුවන්ගෙන් කෙනෙකි. රහමන් දැනට චලන චිත‍්‍ර කර්මාන්තයේ වැඩිම වැටුප් ලබන සංගීතඥයෙකි.

    යොහානි පසුගියදා ඉන්දියාවේ ආරාධිත සංචාරයක නිරත වූයේ එරටදී ප්‍රසංග කිහිපයකට සහභාගි වී හින්දු චිත්‍රපට ගීත ගායනටත් පා තබමිනි.

    වර්තමානයේ පුද්ගල රසිකත්වය පවා සමාජ ජාල, අන්තර්ජාලය හා කෙතරම් බද්ධ වී ද යත් හඳුනාගැනීමට මෙය කදිම උදාහරණයකි.

    වර්ෂ 1968 දී අමෙරිකානු සිනමාකරුවකු වූ ඇන්ඩි වර්හෝල් විසින් පවසා තිබුණේ “අනාගතයේදී විනාඩි 15ක් ඇතුළත ඕන කෙනෙකුට ලෝක ප්‍රසිද්ධ වෙන්න පුළුවන්කම තියේවි.” යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.