තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිරූපමා- තිරූගේ පැන්ඩෝරා සාක්ෂි දෙන්න සූදානම් බව රන්ජන් කොමිසමට දන්වයි

    නිරූපමා- තිරූගේ පැන්ඩෝරා සාක්ෂි දෙන්න සූදානම් බව රන්ජන් කොමිසමට දන්වයි

    සැඟවුණු වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයින් වන නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබා දීමට සූදානම් බව රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපති වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයින් සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණයට අදාළව රංජන් රාමනායක මහතා සාක්ෂි ලබා දීමට කැමැත්තෙන් පසුවන බව ද රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ලබා ඇති ලිපියේ සඳහන් වේ.

    අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ උපදෙස් මත එම ඉල්ලීම කරන බවද එම ලිපියේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img