තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තරුණයින් 11 ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ චෝදනාවලින් කරන්නාගොඩට නිදහස

    තරුණයින් 11 ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ චෝදනාවලින් කරන්නාගොඩට නිදහස

    තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නිතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.

    තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නාය.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img