තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැන්ඩෝරා ගැන සාක්ෂි හඬපට එක්කම රන්ජන් ළඟ!

    පැන්ඩෝරා ගැන සාක්ෂි හඬපට එක්කම රන්ජන් ළඟ!

    පැන්ඩෝරා පත්‍රිකාවලින් එළියට ‍ආ මෙරට වගකිවයුත්තන්ගේ වත්කම් සැඟවීම සම්බන්ධ සාක්ෂි, තමා සතුව පවතින බැවින් සාක්ෂි දීමට තමා කැඳවන්නැයි රන්ජන් රාමනායක මහතා, දූෂණ විමර්ශන කොමිසම වෙත බන්ධනාගාර නිලධාරීන් මගින් ලිඛිතව දැන්වීමට පියවර ගෙන තිබේ.

    පැන්ඩෝරා පත්‍රිකාවලට අදාළව සාක්ෂි හඬපට සහිතව තමා සතුව පවතින බවට රන්ජන් රාමනායක මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා හමුවේ පවසා තිබේ.

    දිලිප් වෙදාරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඊයේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා බැලීමට ගොස් යළි එන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img