fbpx
තවත්
    මුල් පිටුවspecialරට ඉඳන් කොමර්ෂල් බැංකුව හරහා මුදල් එවන අයට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ජීවිතාවරණයක්

    රට ඉඳන් කොමර්ෂල් බැංකුව හරහා මුදල් එවන අයට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ජීවිතාවරණයක්

    විදේශයක සිට කොමර්ෂල් බැංකුව හරහා මාසිකව තම පවුල් වෙත මුදල් එවන ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් ආරක්ෂිතව ගෙන්වාගැනීම මෙන්ම ජීවිතාරක්ෂාව වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් නවතම ‘Softlogic Life Remit Guardian’ ප්‍රේෂණ රක්‍ෂණාවරණය හඳුන්වා දී තිබේ. මෙය සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ජනතාවට පිදෙන තවත් මහඟු අවස්ථාවකි.

    කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සහයෝගීතාවෙන් යුතුව, ප්‍රේෂණ හා සම්බන්ධ මෙම ප්‍රථම ජීවිත රක්‍ෂණය වෙළෙඳපොළට හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා අංශයේ නව මාවතක් ඇති කිරීමට හැකිවී තිබේ.

    ‘සොෆ්ට්ලොජික් ලයිෆ් රෙමිට් ගාඩියන්’ යනුවෙන් නම් කරන ලද මෙම නව නිෂ්පාදනය මඟින් ශ‍්‍රී ලංකාව වෙත මුදල් එවන ගනුදෙනුකරුවන්ට පුළුල් ජීවිත ආවරණයක් ලබා දෙනු ඇත.

    ඉතාම කාලෝචිත නිෂ්පාදනයක් වන මෙය එළිදැක්වීමේදී සොෆ්ට්ලොජික් ලයිෆ් නිවේදනය කළේ, ‘කොම්බෑන්ක් රෙමිට්ප්ලස්’ හරහා ශ‍්‍රී ලංකාවට මුදල් එවන අවුරුදු 18 ත් 60 ත් අතර ගනුදෙනුකරුවන්ට ඔක්තෝම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් මෙම සේවාව ලැබෙනු ඇති බවයි. එම මාසය තුළ ලැබුණු ප්‍රේෂණයේ වටිනාකම ලැබීමට ප්‍රතිලාභියා සුදුසුකම් ලබන්නේ නම්, මුදල් ගෙවන්නන් අකාලයේ මිය ගියහොත් රක්ෂණ මුදල ලෙස මුදල් ප්‍රේෂණ ගිණුමට කෙලින්ම බැර කෙරේ.

    මෙම රක්ෂණය එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ,
    ‘විදේශ විනිමය මෙරටට ගෙන එන, අපේ ආර්ථිකයේ ඉතා වැදගත් කොටස්කරුවන් වන අපගේ ප්‍රේෂණ පාරිභෝගිකයින්ට ලබා දෙන බොහෝ ප්‍රතිලාභවලට මෙය සැලකිය යුතු වටිනාකමක් එකතු කිරීමක්’ බවයි. සොෆ්ට්ලොජික් ලයිෆ් කළමණාකාර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා පැවසුවේ, “විදේශයක සිට මුදල් එවන්නන්ට මෙම සුවිශේෂී රක්ෂණය ලබා දීමට ලැබීම ගැන අපි සතුටු වන්නෙමු. ‘රෙමිට් ගාඩියන්’ එහි සරල බව, විනිවිදභාවය සහ දැරිය හැකි මිල අනුව නවෝත්පාදකයක්. ගෙවීමේ කොන්දේසි පැහැදිලිව තහවුරු වී ඇතිනම් විට, එමගින් ලබාගත හැකි ආරක්‍ෂාව ගෙවුම්කරු කැමති තාක් කල් දීර්ඝ කළ හැකියි.’ යනුවෙනි.

    මුදල් ප්‍රේෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ සක්‍රීයතමයකු වන කොමර්ෂල් බැංකුව, දේශීය බැංකුවක් මගින් ආරම්භ කරන ලද ප්‍රථම ප්‍රේෂණ සේවාව වන ‘රෙමිට්ප්ලස්’ දියත් කිරීම ඇතුළු මෙම ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට ලබාදුන් ප්‍රේෂණ සේවාවන් සඳහා පුරෝගාමී වී සිටී. බැංකු හරහා මුදල් එවීමේ සේවා භාවිතා කරන අයට ප්‍රේෂණ ආශ්‍රිත තොරතුරු හා සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට ඉඩ සලසන ‘රෙමිට් ප්ලස්’ ප්‍රේෂණ යෙදුම සහ විදේශීය වශයෙන් දේශීය ප්‍රතිලාභීන් වෙත මුදල් මාරු කිරීමේ ක්‍රියාවලියේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රේෂණ කාඩ්පත මගින් ද නව මානයක් හඳුන්වා දී ඇත.

    මුදල් හුවමාරු සේවාවන් හා සබැඳි ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ පළමු වතාවට පරිපූර්ණ විසඳුමකින් විදේශයන්හි රැකියාවල නියුතු අපේ ජනතාවට වඩා හොඳ ආවරණයක් සපයන නිෂ්පාදනයක් ලබා දීම ගැන අපි සතුටු වන්නෙමු.

    ‘සොෆ්ට්ලොජික් ලයිෆ් රෙමිට් ගාඩියන්’ තුළින්, තවත් බොහෝ ශ්‍රී ලාංකිකයින් ලොව කොහේ සිටියත් ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා දේශසීමා ඉක්මවා යාමේ අපගේ උපායමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපට දැන් අවස්ථාව ලැබී තිබේ.” සොෆ්ට්ලොජික් ලයිෆ් ප්‍රධාන වෙ‍‍ළෙඳ සේවා නිලධාරි තිලංක කිරිපෝරුව මහතා වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.