fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් ගන්න විවෘත කෙරෙන කාර්යාල මෙන්න

    පාස්පෝට් ගන්න විවෘත කෙරෙන කාර්යාල මෙන්න

    ආගමන විගමන දෙපාර්තමේන්තුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ මාතර, වව්නියාව, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අත්‍යවශ්‍යම පුද්ගලයින්ට ළඟම පිහිටි ආගමන විගමන කාර්යාලයට ගොස් විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි බව ආගමන විගමන පාලක පාලකවරයා සඳහන් කරයි.

    බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය පෙරවරු 8:30 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙන අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු 070 7101060 හෝ 070 7101070 යන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකි බවද ඔහු කීය.

    ප්‍රාදේශීය කාර්යාල ද පෙරවරු 8.30 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.