දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සාමාජිකයෙක ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පත්කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පත්වීමට අදාල ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) අජිත් රෝහණ මහතා වෙත භාරදෙන ලදි.
ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ හා රථවාහන අංශය භාර පොලිස් ප්‍රධානියා ලෙසද කටයුතු කරන අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේද , වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේද, ජාතික අන්තරායකර ඹෟෂධ පාලක මණ්ඩලයේද සාමාජිකයෙක් ලෙස කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකවේ අපරාධ නීතිය සංශෝධනය කිරීම සඳහා කරුණු අධ්‍යනයට අධිකරණ අමාත්‍යාවරයා විසින් පත්කර ඇති කමිටුවේද අජිත් රෝහණ මහතා සාමාජිකයෙකි.