ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ ශක්තිමත් බැඳීම් යළි තහවුරු කළ අතර සියලු මට්ටම්හි මෙම පුළුල් සබඳතාවය තවදුරටත් ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.