fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු වසරේ අපනයන ආදායම් වැඩි ප්‍රමාණයක් ලැබී නෑ - මහබැංකු අධිපති

    ගෙවුණු වසරේ අපනයන ආදායම් වැඩි ප්‍රමාණයක් ලැබී නෑ – මහබැංකු අධිපති

    2020 වසරේ සිට මෙරටට ලද අපනයන ආදායමෙන් විශාල ප්‍රමාණයක් ආපසු රුපියල් බවට පත් කර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මහබැංකුවේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඉදිිරිපත් කරන ලද කරුණු ඔස්සේ මේ බව තහවුරු වී ඇති බවයි.

    කෙසේවෙතත් අපනයන ආදායම් මෙරටට ගෙන්වා ගත් සහ රුපියල් සදහා පරිවර්‍තනය කළ අපනයනකරුවන් කලබල විය යුතු නැති බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

    2021 මුල් මාස අට තුළ ඩොලර් බිලියන 3 කට ආසන්න අපනයන ආදායමක් අපනයනකරුවන් නැවත ගෙන්වා නොගෙන විදේශයන්හි ගබඩා කර ඇති බව මහබැංකුව විසින් මෑතකදී හෙළිදරව් කර තිබුණි.

    2020 වසරේ සිට මේ දක්වා විදේශ විනිමය තැන්පතුවල රැස් කර ඇති එම අපනයන ආදායම මේ වනවිට මහ බැංකුවේ උපදෙස් පරිදි පරිවර්‍තනය කර තිබිය යුතු ‍වේ.

    විදේශ විනිමය තැන්පතුවල එකතු වී ඇති අපනයන ආදායම් මාස 6 ක් තුළ සමානුපාතිකව පරිවර්තනය කළ යුතුය.

    රට ඩොලර් හිඟයක පවතින මෙවන් අවස්ථාවක මෙරටට ලැබිය යුතු විදේශ විනිමය ද රඳවා සිටින මෙවැනි ක්‍රියා හේතුවෙන් මෙරටට ඩොලර් ගලා ඒම සහ පිටතට ගලා යාම පිළිබඳව සොයා බැලීම සඳහා 2022 ජනවාරි 1 දා සිට ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට මහබැංකුව සූදානම් වන බව පසුුගියදා අනාවරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.