fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට ලුතිනන් කර්නල්වරයෙක් අත්අඩංගුවට

    එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට ලුතිනන් කර්නල්වරයෙක් අත්අඩංගුවට

    තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් නැමැත්තා පැහැරගෙනගොස් ඝාතනයකර මළ සිරුර කැලණි ගඟට විසිකිරීම සම්බන්ධයෙන් කෙරණ විමර්හනයට අදාලව මෝදර හමුදා කදවුරේ එවකට සිටි අණදෙන නිලධාරී ලුතින්න් කර්නල්වරයාව කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ලුතිනන් කර්නල්වරයා මාසයකට ආසන්න කාලයක් යුද හමුදා පොලිස් භාරයේ රදවා සිට ඇති අතර පොලීසිය ඔහුව දිගින් දිගටම භාරදෙන ලෙස හමුදාවෙන් ඉල්ලා තිබුණි. ඒ අනුව යුද හමුදා පොලීිය විසින් කළ විමර්ශනයකින්ද අනතුරුව ඊයේ ඔහුව පොලීසියට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    ඒ අනුව එම එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට මේ වන විට හමුදාවේ 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ලුතිනන් කර්නල්වරයාට අමතරව කපිතාන්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක්ද ඒ අතර සිටින බව පොලීසිය කියයි. සෙසු අය සෙබලුන්ය. ලුතින් කර්නල්වරයා හැරුණු කොට සෙසු හමුදා සාමාජිකයින් ගැමුණු හේවා බලකායේ බුද්ධි අංශ සාමාජිකයන් බව පොලීසිය කියයි.

    මෙම ඝාතනයට අත්අඩංගුවට ගෙන සිටින අය අතර ඝාතනයට ලක්වූ එල්ලේ ක්‍රීීඩකයාගේ බිරිදද සිටියි. මට්ටක්කුළිය සමිට්පුර ග්‍රාම නිලධාරිනිය වන ඇය හමුදාවේ කෝප්‍රල්වරයෙක් සමඟ ඇතිකරගෙන තිබුණු අනියම් සම්බන්ධයක් මෙම ඝාතනයට මුල්වී ඇති බවත් පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    අනියම් සම්බන්ධය ගැන එල්ලේ ක්‍රීඩකයාට දැනගැනීමට ලැබීමත් සමග ඇතිවුණු ආරවුලකදී සිය බිරිද වූ ග්‍රාමසේවා නිලධාරිනියට ඒ සම්බන්ධයෙන් ඔහු තදින් අවවාදකර පහරදීමක් කර ඇති බවත් ඒ බව ඇය කෝප්‍රල්වරයාට පවසා තිබෙන බවත් පොලීසිය කියයි. සිය අනියම් බිරිදට සැමියා පහරදීමත් අනියම් සම්බන්ධය හෙළිවීමත් හේතුකොටගෙන අනියම් බිරියගේ සැමියාට පාඩමක් ඉගැන්වීම සදහා සිය හමුදා මිතුරන් සමග එක්ව පසුගිය අගෝස්තු 16 වෙනිදා මෙම ඝාතනය කර ඇතැයි පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

    එල්ලේ ක්‍රීඩකයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේදී හමුදාවේ කැබ් රථයකින් ඔහුව පැහැරගෙන මාදම්පිටිය සුසාන භූමිය ආසන්නයේ ඇති කසල අංගනයකට ඔහුව රැගෙන ගොස් පහරදී ඝාතනය කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ. අනතුරුව වෙනත් හමුදා කැබ් රථයක් එතැනට ගෙන්වාගෙන මළ සිරුර සේදවත්තට රැගෙන ගොස් එතැනින් කැලණිගඟට විසිකර ඇතැයිද පොලිසීය කියයි. එම මළ සිරුර දින හතරකට පසු මෝදර කාකදූපත ආසන්නයේ ගොඩගසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී ඝාතන අභිරහස මෙසේ විසදුණු බවත් පොලීසිය සදහන් කරයි.

    එල්ලේ ක්‍රීඩකයාගේ යතුරු පැදිය මෝදර කදවුරට රැගෛන ගොස් කොටස් වලට ගලවා එම කොටස්ද කදවුරට පිටුපසින් කැලණිගඟට විසිකර ඇතැයිද හෙළිවී ඇත. ඒ අනුව කිමිදුම් කරුවන් යොදා කළ මෙහෙයුමකින් එම යතුරු පැදියේ කොටස්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    මෙම ඝාතනයට කදවුරේ අණදෙන නිලධාරියාව අත්අඩංගුවට ගනු ලබන්නේ ඊට ඔහුගේ අනුබලයක් තිබී ඇතැයි විමර්ශනවලින් හෙළිවීම නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    එල්ලේ ක්‍රීඩකයාව පැහැර ගැනීමටත් මළ සිරුර කැලණි ගඟට විසිකිරීමට රැගෙන යාමටත් යොදාගත් හමුදා කැබ් රථ දෙකද පොලිස් භාරයට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.