තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යවශ්‍ය ආහාර බහලුම් මුදාහරින්න මහ බැංකුවෙන් සල්ලි

    අත්‍යවශ්‍ය ආහාර බහලුම් මුදාහරින්න මහ බැංකුවෙන් සල්ලි

    සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ආනයනය කිරීමට රජය තීරණය කරයි.

    මේ අතර කොළඹ වරායේ පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් නිදහස් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබා දීමට තීරණය වී තිබේ.

    මෙම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

    මේ අතර කිරි පිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බවද වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img