තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොහුවල -පාමංකඩ තදබදයත් ඉවරයි

    කොහුවල -පාමංකඩ තදබදයත් ඉවරයි

    කොළඹ හොරණ මාර්ගයේ පාමංකඩ – ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත – W.A.සිල්වා මාවත හරහා වැල්ලවත්ත දක්වා මංතීරූ 4ක් යටතේ පුළුල් කොට සංවර්ධනය කල මාර්ගයේ වැඩ අවසන් අදියරේ ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    මෙම මාර්ග කොටස පුළුල් කොට සංවර්ධනය කිරිම සහ පාමංකඩ පාලම පුළුල් කොට ඉදිකිරීමත් සමඟ දැනට පාමංකඩ – ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත හරහා එක් දිශාවකට (One-way) ගමන් කරන රථවාහන වලට දෙදිශාවටම ගමන් කිරීමට හැකියාවක් ලැබේ.

    එමෙන්ම කොහුවල සහ පාමංකඩ නගරවල පවතින අධික රථවාහන තදබදයට මෙමඟින් විසඳුම් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

    මෙම මාර්ග කොටස පුළුල් කර සංවර්ධනය කිරීම සහ පාමංකඩ පාලම ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (SRCP) මඟින් සිදු කෙරේ. ඒ සදහා රුපියල් මිලියන 210ක මුදලක් වැය වන බව විෂයභාර අමාත්‍යවරායා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img