තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් මරණ පහළට

    කොවිඩ් මරණ පහළට

    කොවිඩ් ආසාදිත මරණ මේ වනවිට සැළකියයුතු ප්‍රමාණයකින් පහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

    සෞඛ්‍ය⁣ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනු ලැබුවේ ඊයේ දින මෙරට සිදුව ඇත්තේ කොවිඩ් මරණ 51 ක් පමණක් බවය.

    එම මරණ අතරින් මරණ 41ක් වයස අවුරුදු 60ට ඉහළ පුද්ගලයින්ගේය. වයස අවුරුදු 30 අඩු මරණ ඊයේ දිනයේද වාර්තා වී නැත.

    මරණ අඩුවූවත්, ⁣ආසාදිතයන් අඩුවූවත්, රෝහල්වල රෝගීන් අඩුවූවත් අවධානම පහව ගොස් නැතැයි කොවිඩ් රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම්ය සදහන් කළාය. එබැවින් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් ⁣ තවදුරටත් නිසි ලෙස පිළිපදිින ලෙසය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img