තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාස්කු ප්‍රහාරය ගැන අවධානය වෙනස් කරන්න ආණ්ඩුව අද දේශපාලන දඩයමක"- පාඨලී

    “පාස්කු ප්‍රහාරය ගැන අවධානය වෙනස් කරන්න ආණ්ඩුව අද දේශපාලන දඩයමක”- පාඨලී

    පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය පිළිබඳ ජනතාවගේ අවධානයේ වෙනතකට යොමුකිරීම සදහා ආණ්ඩුව විසින් ඒ පිළිබද සාක්ෂි දුන් අය දේශපාලන වශයෙන් දඩයම් කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    පාඨලී චම්පික රණවක මහතා නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී ‘යකඩ මිනිසා’ නමින් කල ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පැය 2ක් පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ අතර එම අවස්ථාවට සහභාගි වී ගිය විටදී මන්ත්‍රීවරයා මේ බව කීය.

    “පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් තිබූ බවට හිටපු නීතිපතිවරයා දුන් ප්‍රකාශයත්, ඊට අදාළ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අප හෙළිකරපු කරුණු සම්බන්ධයෙන් දැන් ආණ්ඩුවට කටඋත්තර නැතිවෙලා තියෙන තත්ත්වය තුළ දේශපාලන දඩයම් කරමින් මේ ප්‍රශ්නය වෙනතකට හරවන්න, ජාතික ආගමික හිංසාකාර ක්‍රියා පෙළඹවීම් ඇතිවෙන ආකාරයට ආණ්ඩුවේ මාධ්‍ය හසුරුවමින් ඉන්නවා. මේක කනගාටුදායකයි.” යනුවෙන් ද හෙතෙම කීය.

    නාගරිික සංවර්ධන අධිකාරියේ මුදල් වැයකරමින් සිදුකර ඇති බව කියන එහිදි සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම ප්‍රශ්න සිදුකර ඇත.

    “පාඨලී කියන්නේ අපේ ශක්තිමත්ම පුරුකක්.. අද ආණ්ඩුවේ වල තවත් යටට කපා ගත්තා” යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එහිදී පැවැසීය.

    ප්‍රශ්න කිරීම අවසන් වී මන්ත්‍රීවරයා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිටතට ගිය ආකාරය ඡායාරූපවල දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img