fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ස්ටර්ග්‍රෑම් යෞවනියන්ට හානිකරයි

    ඉන්ස්ටර්ග්‍රෑම් යෞවනියන්ට හානිකරයි

    ඡායාරූප මුදාහැරීම පදනම් කරගත් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය තරුණ ගැහැණු ළමුන්ට විශේෂයෙන්ම නව යොවුන් වියේ ගැහැණු ළමුන්ගේ මානසික තත්වයට ඉතා අහිතකර ලෙස බලපෑම් එල්ල කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

    ෆේස්බුක් සමාගම විසින් වසර 3කට අධික කාලයක් තිස්සේ කරන ලද අභ්‍යන්තර අධ්‍යයනයක වාර්තාව මගින් මේ බව අනාවරණය වී ඇත.

    කෙසේවෙතත් ෆේස්බුක් සමාගම මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කොට නැති අතර ඔවුන් ප්‍රසිද්ධියේ මෙය පිළිගැනීමද මැලි වන බව විදෙස් වාර්තා පවසයි. ඉන්ස්ටග්‍රෑම් විසින් කරන ලද අධ්‍යයනයක් ඇතුළත්ව මෙම වාර්තාව සකසා ඇති බව පැවසේ.

    තරුණ ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය පරිහරණය කරන නව යොවුන් වියේ පසුවන සෑම ගැහැනු ළමයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුටම ශරීරයේ, රූප‍ස්වභාවයේ ගැටලු මානසිකව උත්සන්න කරන බව එහි දක්වා තිබේ.

    එනම් නව යොවුන් වියේ මානසික සෞඛ්‍යයට මෙය ගැඹුරින්ම බලපෑම් කරන බව එහි සඳහන් ය.

    යෞවනයන්ට ඉන්ස්ටග්‍රෑම් නිසා කාංසාව සහ මානසික අවපීඩනයේ වේගය වැඩිවීම සිදුවන බවත් සෑම වයස් කණ්ඩායමක් තුළම මෙම තත්ත්වය අඩුවැඩි වශයෙන් බලපාන බව ද පර්යේෂකයන් විස්තර කරයි.

    සෙසු සමාජ ජාල අතුරින් මෙහිි දක්නට ඇති ගැටලු මෙම සමාජජාලයට පමණක් සීමා වූ ඒවා බවට ද පර්යේෂණ ප්‍රතිඵලයේ දැක්වේ.

    ඊට හේතුවී ඇත්තේ ඡායාරූප මුදාහරින සමාජ ජාලයක් වන එහි ශරීරය සහ ජීවන රටාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන හෙයින් ඉන්ස්ටග්‍රෑම් හි සමාජ සැසඳීම වඩාත් නරක අතට පත්ව ඇති බවයි.

    “සමාජ මාධ්‍ය මිනිසුන්ට ස්වභාවයෙන්ම හොඳ හෝ නරක නොවේ. බොහෝ දෙනෙකුට එය එක් දිනකදී ප්‍රයෝජනවත් වන අතර ඊළඟ දිනයේදී ගැටලුකාරී වේ. වඩාත්ම වැදගත් දෙය නම් මිනිසුන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේද සහ එය භාවිතා කරන විට ඔවුන්ගේ මානසික තත්ත්වයයි. ” යනුවෙන් ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

    ලොව ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නන්ගෙන් 40% කටත් වඩා වයස අවුරුදු 22 සහ ඊට අඩු අය වන අතර සමාගමේ දළ වශයෙන් ඩොලර් බිලියන 100 ක වාර්ෂික ආදායම සඳහා ඔවුන් අත්‍යවශ්‍ය බව ෆේස්බුක් සමාගම පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.