තවත්
    මුල් පිටුවදේශීය පුවත්හලාවත නිවසකට රිංගූ උප පොලිස් පරීක්ෂකට ගම් වැසියන්ගෙන් ගුටි පූජාවක්

    හලාවත නිවසකට රිංගූ උප පොලිස් පරීක්ෂකට ගම් වැසියන්ගෙන් ගුටි පූජාවක්

    හලාවත අඹකදවිල ධිවර ගම්මානයේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී සිටි හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ගම්වාසීන් විසින් පහරදී හලාවතත පොලිස් ස්ථානයට භාරදී ඇත.

    මෙම පොලිස් නිලධාරියා ඇතුළු වී ඇත්තේ තරුණ කාන්තාවක් තනියම සිටි නිවසකටය. එම කාන්තාවගේ සැමියා ධිවර කාර්මිකයෙක් වන අතර ඒ වන විට ඔහු දින කිහිපයකට මුහුදු ගොස් සිට ඇත.

    තරුණ කාන්තාවක් වන ඇයට දරුවන් නොමැති බවත් මෙම පොලිස් නිලධාරියා නිතරම එම නිවසට එන යන අයෙක් බවත් සදහන්ය.

    මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය ගැන ඇස ගසාගෙන සිටි ගම්වැසියන් ඒ බව සැමියාගේ සහ කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී ඇත. ඒ අනුව ඔවුන් පැමිණ ගම්වාසීන්ද සමග එක්ව නිවසේ රැදී සිටි උප පොලිස් පරීක්ෂකවරයාව අල්ලා පහරදී පොලීසියට භාරදී තිබේ.

    මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත් වහාම හලාවත කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා එම නිලධාරියාගේ වැඩ තහනම් කරමින් විමර්ශනයක් ආරම්භකර ඇත. එම නිලධාරියා වරකපොළ පදිංචිකරුවෙක් වන 52 හැවරදි අයෙකි. කාන්තාව වයස අවුරුදු 30 ට අඩු තැනැත්තියක් බව පොලීසිය කියයි. දෙදෙනා අතර යම් සම්බන්ධයක් පැවති බව උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය. එහෙත් එම සම්බන්ධය යම් බිය ගැන්වීමකින් සිදුවූවක්ද, යන්න පිළිබදදව සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    උප පොලිස් පරීක්ෂකවරයා විවහාකයෙක් වන අතර දරුවන්ද සිටින්නෙකි. ගම්වැසියන් මේ සිදුවීම සිය ජංගම දුරකතනවල වීඩියෝගතකර ඇති අතර පොලීසියේ ඉල්ලීම මත මෙතෙක් ඒ කිසිවක් සමාජ මාධ්‍ය වල හුවමාරුවී නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img