fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පහන්තුඩාවේ දිය ඇල්ල ළඟ නිරුවත් වීඩියෝ හැදූ කොල්ලයි කෙල්ලයි මාට්ටු

    පහන්තුඩාවේ දිය ඇල්ල ළඟ නිරුවත් වීඩියෝ හැදූ කොල්ලයි කෙල්ලයි මාට්ටු

    බලං‌ගොඩ ඉඹුල්ලේ පිහිටි සුන්දර පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කළ තරුණ යුවල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අද (02) සමත්ව ඇත.

    එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී පැය 72 ක් යන්නට මත්තෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවීම පොලීසිය ලද විශාල ජයග්‍රහණයක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    පහන්කුඩා දිය ඇල්ල අසලට ගොස් කරන ලද ස්ථානීය පරීක්ෂණත් සයිබර් අවකාශය ආශ්‍රයෙන් කළ තාක්ෂණිත විමර්ශනයක් සැකකරුවන් හදුනා ගැනීමට ඉවහල් වූ බවද එම නිලධාරියා කීය.

    ඒ අනුව ඒම අසභ්‍ය වීඩියෝවේ පෙනී සිටින තරුණිය පන්නිපිටියේ කුලී නිවසක රැදී සිටියදීත් තරුණයා මහරගම ඔහු පදිංචිව සිටින නිවසේදීත් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය. තරුණයා 34 වියැති අයෙක් බවත් තරුණිය 24 වියැති බවත් නිහාල් තල්දූව මහතා කීය. ඇය ඇල්පිටියේ පදිංචිකාරියක් බවද ඔහු සදහන් කළේය.

    මෙම යුවල වෘත්තියක් ලෙස මෙවන් අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගතකර අන්තර් ජාලයට යොමුකරන බවත් ඒ

    සිය පැවසුවේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියක් පන්නිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි.

    ඔවුන් මෙවැනි වීඩියො නිර්මාණය කර ඇත්තේ වෘත්තියක් ලෙසිනි. ඒ සදහා යොදාගත් ජංගම දුරකතන කුඩා කැමරා සහ තාක්ෂණික උපකරණ මෙන්ම ඒවා සංස්කරණය කිරීමට යොදාගත් පරිගණක උපාංගද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සිය භාරයට ගෙන තිබේ.

    පහන්තුඩාව දිය ඇල්ල ආසන්න‌යේ පටිගතකල මෙම අසභ්‍ය වීඩියෝව අන්තර් ජාලයේ හුවමාරුවීම ගැන දම්සක් පදනම නම් වූ සංවිධානයක අවධානයට යොමු වී ඇති අතර ඒ් ගැන ඒම සංවිධානයේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් 31 වෙනිදා ලිඛිත දැනුම්දීමක් කර විමර්ශනයක් ඉල්ලා තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයා එම ලිපිය පොලිස්පතිවරයාට යොමුකර තිබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භකරන්නේ ඒ් අනුවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.