පුද්ගලයින්ගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැන බැලීම සඳහා භාවිත කරන ඔක්සි මීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3000ක් ලෙස නියම කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය’
එම උපරිම සිල්ලර මිල සටහන් ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
වෙළඳපොලේ Oximeter රුපියල් 3500 සිට 6500 ටත් වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය ඇමතිවරයා කීය.
ප්‍රමිතියෙන් තොර Oximeter පවා වෙළඳපොලේ වෙළඳපොලේ අලෙවි කෙරෙන බවද රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා කීය.
එවැනි ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර 5200ක තොගයක් පසුගියදා අත්අඩංගුවට ගත් බව ඔහු කීය.