fbpx
තවත්
    මුල් පිටුවවිශේෂාංගමිහිපිට මෙන් මල් පිපෙන- රාබු වැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

    මිහිපිට මෙන් මල් පිපෙන- රාබු වැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

    අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගවේෂකයන්ට කාර්යබහුලව ගෙවුණු තවත් එක් සතියක් ලෙස පසුගිය සතියේ අවසානය සනිටුහන් කර තිබුණේ එහි වවන ලද දාස්පෙතියා පැළයකින් පිපුණු මලක සේයාරුවක් නාසා ආයතනය විසින් මුදාහරිමිනි.

    විශේෂයෙන් සකසන ලද බඳුනක් තුළ මෙම දාස්පෙතියා පැළය රෝපණය කිරීම ද ඔවුන්ගේ පර්යේෂණවලින් එකකි. පෘථිවියේ හුරුපුරුදු සුවඳක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ වර්ධනය වීමට ඉඩ සලස්වමින් මෙම දාස්පෙතියා මල් පැළය වැවීමටත් එය රැකබලාගැනීමටත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු එහි යොදවා තිබේ. එමගින් ඔවුන් අපේක්ෂා කරන්නේ මෙම පරීක්‍ෂණය මඟින් අභ්‍යවකාශ‍යේ විශේෂ තත්ත්වයන් තුළ සිදුවන ශාකයේ වර්ධනය මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයා එම ශාකය රැක බලා ගැනීමේදී ඇතිවන මානසික ප්‍රතිලාභ, වෙනස්වීම් පිළිබඳ දත්ත රැස් කිරීමයි. කාර්ය මණ්ඩලය සාමාජිකයින් මල නිරීක්ෂණය කිරීම, ඡායාරූප ගැනීම, ඒ හා බැඳුණු පණිවිඩ ආදිය කියවීම ද මෙහිදී නිරීක්ෂණයට ලක්විය.

    අභ්‍යවකාශ ගවේෂණයේ ලා තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කරමින් ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වගාකළ රාබු අස්වනු නෙළීම පසුගිය දෙසැම්බරයේ දී සිදු කළ බව විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

    අඩු පහසුකම් සහ ශූන්‍ය වූ ගුරුත්වාකර්ෂණ තත්වයක් යටතේ ලබාගත් ඵලදාව, අඟහරු ගවේෂණ කටයුතු සඳහා මිනිසුන් සහභාගී කරගැනීමේ කටයුතු සඳහා හොඳ පදනමක් සපයනු ඇතැයි නාසා ආයතනයේ Advanced Plant Habitat වැඩසටහනෙහි කළමණාකාර නිකෝල් ඩියුෆෝ විසින් විදේශීය මාධ්‍ය ආයතන වෙත පවසා ඇත. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භෝග වගා කිරීමට සමගාමීව ෆ්ලොරිඩාවේ පිහිටි නාසා ආයතනයේ Kennedy Space Center හිදීද එම භෝග වර්ගම වගා කෙරෙන අතර පසුව එම ඵලදාවන් සන්සන්දනය කිරීමෙන්, පෘථිවියේ සිදුකරන වගා කටයුතු වලදී මෙන්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වගාකළ භෝග වල පෝෂණීය ගුණය එක සමානව පවතීද යන්න පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලබන බැව් පැවසේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින්, රාබු වැනි භෝග වගා කිරීම සඳහා වැඩි අවදානයක් යොමු කිරීමට අවශ්‍ය නොවීම සහ ඉතා කෙටි කාලයකදී අස්වනු නෙළාගත හැකිවීම නිසා අභ්‍යවකාශ කටයුතු වලදී ආහාර භෝගයක් ලෙස රාබු වගාකිරීම ඉතා කාර්යක්ෂම බව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක, ලුයිසියානා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාල් හැසන්ටයින් විසින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

    නාසා විද්‍යාඥයින් විසින් මීට පෙර, අභ්‍යවකාශය්දී ශූන්‍ය ගුරුත්වාකර්ෂණ තත්වයන් යටතේ චීන ගෝවා, රතු සහ කොල පැහැති සලාද, පරිප්පු වැනි භෝගයන් 15ක් පමණ සාර්ථකව වගාකිරීම් කටයුතු සිදු කළ බව පැවසේ.

    ඉතා අඩු සම්පත් යටතේ මෙවැනි වගා කටයුතු අත්හදා බැලීම තුළින් ලෝක ආහාර අර්බුදය සඳහාද සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි බොහෝ වියතුන් අදහස් දක්වා තිබුණි.

     

     


    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.