fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොන බාධක ආවත් අතහැරිය නොහැකි ජාතික යුතුකම් ඉටුකරනවා - ජනපති

    මොන බාධක ආවත් අතහැරිය නොහැකි ජාතික යුතුකම් ඉටුකරනවා – ජනපති

    රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියද අතහැරිය නොහැකි ජාතික වගකීම්‌ හා යුතුකම්‌ සමුදායක්‌ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව සැළකේ. ඉතිහාසයේ පටන් අපේ පාලකයෝ විශ්වාස කළ සම්ප්‍රදාය යුගයෙන් යුගයට භාර කළ අයුරින්ම, අතීත රජවරු රටේ සියලු නායකයෝ ගත් මග ගනිමින් තමාද දොහොත් මුදුන් තබා දළදා සමිඳුන්ට කළ යුතු ගරු බුහුමන් වෙනුවෙන් කැප වී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ඓතිහාසික දළදා පෙරහර මංගලාය සාර්ථකව පවත්වා, ඇසළ මහා මංගල්‍යය සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (23) පස්චරුවේ පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    දේශයේ චිචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින්‌ පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන්‌ කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදාමාළිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප්‌ නිලංග දෑල මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

    පෙරහරේ ගමන්‌ කළ අලි ඇතුන්‌ වෙනුවෙන්‌, බන්දා හස්තියාට පලතුරුවලින්‌ සංග්‍රහ කිරීම ජනාධිපතිවරයා අතින්‌ සිදු කෙරිණ.

    දියවඩන නිලමේ නිලංග දෑල මහතා සංදේශය ඉදිරිපත්‌ කරමින්‌ කොචිඞ්‌ වසංගතය හමුවේ වුවද එළෙතිහාසික දළදා පෙරහර මංගලාය සාර්ථකව පැවැත්වීමට සහාය දුන්‌ රජයටත්‌, සියලු පාර්ශ්වයන්ටත්‌ සිය ස්තූතියි පිරිනැමීය.

    කොචිඩ්‌ වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නියමයන්‌ ආරක්ෂා කර, මෙවර පෙරහර මංගල්‍ය පවත්වා අතීත වගකීම, අනාගත පරපුරට පෙන්වා දීමට හැකි වු බව ජනාධිපතිවරයා සඳහන්‌ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.