තවත්
    මුල් පිටුවදේශීය පුවත්හෙරිටන්ස් කණ්ඩලම තාවකාලිකව වසා දමයි

    හෙරිටන්ස් කණ්ඩලම තාවකාලිකව වසා දමයි

    සංචාරක ක්ෂේත්‍රයේ වගකිවයුතු සමාගමක් වශයෙන් රටේ පවතින වත්මන් තත්ත්වය මත හෙරිටන්ස් කණ්ඩලම හෝටලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරිය නිවේදනය කර ඇත.

    කොවිඩ් නිවාරණ ක්‍රියාවලියටත් ඊට අදාළ පාර්ශවයන්ට සහයෝගය දීම සඳහාත් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව තම හෝටලයට පැමිණෙන වටිනා අමුත්තන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාවට මුල් තැන දීම මෙම තීරණයට ප්‍රමුඛ වූ බව ද පාලනාධිකාරිය සඳහන් කරයි.

    රටේ පවතින තත්ත්වය යළි යතා තත්ත්වයට පත්වූ වහාම නැවත වරක් හෝටලය විවෘත කෙරෙන බව අදාළ නිවේදනය මගින් හෝටල් පාලනාධිකාරිය අවධාරණය කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img