fbpx
තවත්
    මුල් පිටුවspecialවෘත්තීමය කුහකයින්

    වෘත්තීමය කුහකයින්

    වෘත්තීයමය ජීවිතය හැඩකරන්නෝ මෙන්ම වනසන්නෝද අප අතර සිටිති. යමෙක් වෘත්‍තීයක නිරත වන විට ඒවටා සමාජයක් ගොඩ නැංවේ. සමාජයේ සියල්ලන්ම ඔබ අපමෙන් පෘතග්ජනයන්‍ ය. සෝවාන් වූවන් එහි බලාපොරොත්තු විය නොහැක. ඉතින් වෘත්තියම ජීවිතය තුල අවදි වූ මනසින් හැසිරිය යුතුය.
    විවිධාකාර චරිත කිහිපයක් මෙහි දක්වා ලමි. හඳුනා ගැනීමට ඔබට කාලයක් ගතවනු ඇත. එහෙත් නිවැරදිව හඳුනාගත් වහාම ඔවුන්ගෙන් ඉවත් වීම ඔබේ සෞඛ්‍යයට හිතකර වනු ඇත.

    1. මිත්‍ර ප්‍රතිරූපකයින්

    ඔබ විශේෂයෙන් ප්‍රවේශම් විය යුත්තේ මොවුන්ගෙනි. තමාගේ සියළු තොරතුරු අසා දැනගන්නා ඔවුන්, බත්පත පවා ෂෙයා කරගන්නා ඔබේ වෘත්තියේ හොඳම මිතුරා හෝ මිතුරිය විය හැක.

    ඔබේ බොක්කේ තියෙන අදහස් පවා ඇදගෙන යම් දිනක ඔබට අංචියක් ඇදීමේ අභිලාශයක් පවතී. ඔබේ හොඳම මිතුරා යම් දිනක නරකම හතුරා වීමේ විශාල සම්භාවිතාවක් පවතී. එය අප සිහියේ තබාගත යුතුය.

    2. කේලමුන්

    ඔබගේ ප්‍රධානියා කේලම් රස විඳින්නෙක් නම්, කේලම් අසා සොයා නොබලා ආවේගශීලීව කටයුතු කරයි නම්, අනිවාර්‍යයෙන්ම ඔබගේ වෘත්තීයම වටපිටාව කේලමුන්ගෙන් ගහණව ඇති බව දැඩිව සිහියේ තබාගන්න. අවශ්‍ය ආකාරයට තම ආරක්ෂාව රැක ගැනීමට තම සහජ බුද්ධිය මෙහෙයවන්න.

    කේලම් කරුවන් ඔබේ යහපත් අභිමතාර්ථ වෙනුවෙන් මෙහෙයවන්න දක්ෂ වන්න. මාගේ එක් පැරණි ඉහල නිළධාරියෙක් මා අමතා “ඔයා ගැන මෙහෙම කාරණයක් එක්කෙනෙක් කිව්වා, පරිස්සමෙන් ඉන්න” කියා කීවේය. එහෙම බොස්ලා ද සමාජයේ සිටින බව මතක තබාගන්න.

    3. “යර්ස් බොස්” වරුන්

    මෙම කණ්ඩායම තම බොස්ගේ ඕනෑම මරි මෝඩ වැඩක් වෙනුවෙන් ජීවිතය කැප කරති. තම ආත්මගරුත්වය පවා බල්ලාට දා හෝ තම පටු වාසි වෙනුවෙන් කැපවෙති. බොසාගේ අකාර්‍යක්ෂමතා වසාලමින් මතවාද ගොඩ නගති. බොරු සමාජගත කරති. මොවුන්ගේ පොදු ලක්ෂණය වන්නේ අසංවේදී, ආත්මාර්ථකාමී සහ ස්ව උන්නතිකාමයයි. දක්ෂයින් තලාපෙලා දැමීමට ඔවුන් නොකරන්නක් නොමැත.

    4. අංචි ශූරීන්

    කෙසේ හෝ කා හට හෝ අංචියක් ඇදීම මොවුන්ගේ විනෝදාංශයයි.

    5. ගේමර්ස්

    ගේමර්ස් ලා යනු අංචිශූරී පශ්චාත් උපාධිධාරින්‍ ය. ඉහත කණ්ඩායම් හතරේම කෙළපැමිණියෝය. උපදෙස් දෙන්න හරිම දක්ෂයෝය. දක්ෂයින් සහ තමා අකමැති අයගේ පවුල් අවුල් කිරීමේ සිට සමාජයෙන් අතුගා දෑම දක්වා ඕනෑම පීචං වැඩක කෙල පැමිණියෝ ය. බොහෝම ප්‍රවේශමෙන් ඇසුරු කළයුතු කොට්ඨාසයකි. ලඟින් ගියොත් ඇස් දෙකම නැත.

    පොදු ලක්ෂණ:
    • තමන්ගේ අභ්‍යන්තර කණ්ඩායමක් සාදා ඔවුන්ට සියලුම වරප්‍රසාද ලබාගනී.
    • තමාගේ කණ්ඩායමෙන් පිට අයට කිසිදු අවස්ථාවක් ලබා ගැනීමට ඉඩ නොදේ.
    • කනට නෑසෙන ලෙස කෝල් දීමේ දක්ෂතාව ඇත.
    • සාකච්චා වලදී තමාගේ කල්ලියේ නොවන අය අපහසුතාවයට ලක් කරයි. තමන් සුදනන් ලෙස පෙන්වයි. මතවාදීව අනෙකා පරාජය කිරීමට පට්ටපල් බේගල් ඇද දමයි.
    • සියළු වරප්‍රසාද කෙක්කෙන් හෝ කොක්කෙක් ගෙන අනෙකා අකාර්‍යක්ෂම ලෙස වාචිකව, අවාචිකව, අභිනයෙන්, වහෙන්- ඔරෝ යන විවිධ ක්‍රමවේදයන් වලින් ලොක්කන්ට හුවා දක්වයි.
    • තම වෘත්තීයමය ගරුත්වය බල්ලාට දමා ලොක්කාගේ ඕනෑම පක්කිලි වැඩක් කරයි. හැබැයි, ලොක්කා අසරණ වූවිට වහාම ලොක්කාගෙන් ඉවත්ව යයි.

    තව බොහෝ පිරිස් සිටින අතර බුද්ධියෙන් හඳුනා ගැනීමට අපි දක්ෂ විය යුතුය.

    වෘත්තිය සමාජය විෂමයි. ප්‍රවේශමෙන් පරිහරණය කරමු.

    එඤ්ඤං
    මම
    සත්‍යගවේෂි

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.