මිද්දෙනිය නගරය අද(18) රාත්‍රි 10.00 සිට දින 7ක් පුරා වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.
රට තුළ පැතිරෙන කොවිඩ් තත්වය හේතුවෙන් රටේ සෙසු නගරවල වෙළෙඳ සංගම් විසින් ස්වයං-හුදෙකලා වීම වෙනුවෙන් කඩසාප්පු වසා දමමින් නගර වසා දැමීමේ පියවරට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව මිද්දෙණිය නගරයේ පැවැති සති පොළ ද නොපැවැත්වෙන බව වෙළෙඳ සංගමය දැනුම් දෙයි.