fbpx
තවත්
    මුල් පිටුවCOVIDශ්‍රී ලංකාවේ කොවිඩ් පාලන නීතිරිති අඩුකරන්න මේ වෙලාව සුදුසු නෑ - WHO

    ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලන නීතිරිති අඩුකරන්න මේ වෙලාව සුදුසු නෑ – WHO

    ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයට අදාළව ගත් පියවරයන් අඩු කිරීමට කිසිසේත් මෙය සුදුසු කාලය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාව සිත් ඇදගන්නා සුළු සන්ධිස්ථාන පසුකළ බවයි.

    එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාව ඇත්තේ ඉතා භයානක තත්වයක බව එම කාර්යාලය අවධාරණය කර සිටී.

    සියළුම මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් අනුගමනය කරමින් සහ ඉදිරිපෙළ සේවකයින්ට සහයෝගය දෙමින් කොවිඩ් පාලනය කිරීමට සියල්ලොම එක්ව කටයුතු කළ යුතු බව ද එම කාර්යාලය සඳහන් ක‍ළේය.

    “2020 වසරට වඩා මේ වසරේ කොවිඩ් අවදානම වැඩියි. කිසිම රටක් තවමත් අවදානමෙන් පහව ‍ගොස් නැත. ඒ නිසා කිසිම රටක්, සිය එන්නත්කරණ අනුපාතය කුමක් වුවත්, එලෙස අවදානම පහව ගොස් ඇති සේ සළකා කටයුතු නොකළ යුතුයි. වයිරසය හා සටන්වැදීමට ඇති එන්නත්වල හැකියාව අඩු තක්සේරු නොකළ යුතු වුවත් වෛසරය මෙලොවින් තුරන්ව ගොස් ඇතැයි හෝ අප අතරින් ඉවත් වී ඇතැයි වගකිව නොහැකියි. වෛරසය නිරන්තරයෙන් වෙනසට ලක්වේ. එම වෙනස්කම් නිසා අනාගතයේදී අප එය හා සටන් කිරීමට භාවිත කරන සියල්ලක් වුවද බලපෑමක් නොවීමේ ඉඩක් ඇත. හැම රටක්ම අවදානම්, එය දැඩිව සිතට ගෙන සෑම රජයක්ම දැඩි ආරක්ෂක ක්‍රම, දැඩි අධීක්ෂණය, නිරන්තර පරීක්ෂණ, නියමිත පරිදි සෞඛ්‍ය පහසුකම් සැපයීම, නිවැරදි දත්ත ලබාදීම, එන්නත්කරණය කළ යුතුයි. වසංගතය තවමත් අවසන් නැත. එය ලෝකයේ් අවසාන රටෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන තෙක් අවසාන නොවේ.” යැයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ-ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගේබ්‍රියේසස් මේ බව පවසා ඇත.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.